• Shuffle
    Toggle On
    Toggle Off
  • Alphabetize
    Toggle On
    Toggle Off
  • Front First
    Toggle On
    Toggle Off
  • Both Sides
    Toggle On
    Toggle Off
  • Read
    Toggle On
    Toggle Off
Reading...
Front

Card Range To Study

through

image

Play button

image

Play button

image

Progress

1/10

Click to flip

Use LEFT and RIGHT arrow keys to navigate between flashcards;

Use UP and DOWN arrow keys to flip the card;

H to show hint;

A reads text to speech;

10 Cards in this Set

  • Front
  • Back

ඇනිලීන් වලට වඩා ප්‍රාථමික ඇලිෆැටික ඇමීන වල භාෂ්මිකතාව වැඩි ඇයි??

ඇනිලීන් වල N මත වූ එකසර ඉලෙක්ට්‍රෝන යුගලය සම්ප්‍රයුක්තතාව මගින් ඇරෝමැටික වලය මතට විස්තානගත වී ඇති බැවින් ප්‍රෝටෝනයක් ලබා දීම පහසුවෙන් සිදු නොවේ. නමුත් ප්‍රාථමික ඇලිෆැටික ඇමීන වල මෙසේ සිදු නොවේ.

ඇමීන වලට වඩා ඇමයිඩ වල භාෂ්මිකතාව අඩු ඇයි?

ඇමයිඩයේ N මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලය සම්ප්‍රයුක්තතාව මගින් කාබොනිල් කාණ්ඩය මතට විස්තානගත වී පැවතීමයි

ටොලන්ස් ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කරන්නේ

1.ඇල්ඩිහයිඩ


2.ආම්ලික H සහිත ඇල්කයින


3.HCOOH

ටොලන්ස් සාදන්නේ කෙසේද ?

ජලීය AgNO3 ද්‍රාවණයකට තනුක NaOH බිංදු කිහිපයක් එක් කිරීමෙන් ලැබෙන AgOH අවක්ශේපයට තනුක NH4OH එක් කිරීමෙන් ටොලන්ස් සාදයි

ෆේලින්ස් ප්‍රතිකාරකය මගින් ඔක්සිකරණය නොවන ඇල්ඩිහයිඩය??

බෙන්සැල්ඩිහයිඩ්

ඇල්කේන,ඇල්කීන,ඇල්කයින වල ද්‍රවාංක තාපාංක පැහැදිලි කරන්න

1.C දාමය අතු බෙදීම සමග අණුවේ පෘශ්ඨ වර්ගඵලය අඩු වීම නිසා දුබල අපකිරණ බල දුර්වල වී ද්‍රවාංක තාපාංක අඩු වේ.


2.පෘශ්ඨ වර්ගඵලය වැඩිවන ද්‍රවාංක තාපාංක වැඩි වේ.

ඇල්කිල් හේලයිඩ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සදහා සහභාගී වීමට හේතුව?

C-X බන්ධනයේ ඇති හැලජනයේ අධික විද්‍යුත් ඍණතාවය නිසා C-X බන්ධනය ධ්‍රැවීකරණය වී පවතී. එම නිසා C මත ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් පවතී. එමනිසා ඍණ ආරෝපිත නියුක්ලියෝෆයිලය එම ස්ථානයට පහර දෙයි.

ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ වල නියුක්ලියෝෆිලික ආදේශය පියවර 1කින් හා තෘතීක ඇල්කිල් ඇල්කිල් හේලයිඩ වල පියවර 2කින් සිදුවීමට හේතුව?

ප්‍රා.ඇ.හේලයිඩ වලට ස්ථායි අතරමැදි කාබොකැටායනයක් සෑදීමට නොහැක.එමනිසා C-X බන්ධනය බිදීමෙන් නියුක්ලියෝෆයිලය සම්බන්ධ වීම එකවර සිදු වේ.නමුත් තෘ.ඇ.හේලයිඩ වලට ස්ථායි කාබොකැටායනයක් සෑදීමට හැකි නිසා ප්‍රතික්‍රියාව කාබොකැටායනයක් හරහා සිදු වේ. එහිදී පළමුව C-X බන්ධනය බිදීම සිදුවන අතර දෙවනුව නියුක්ලියෝෆයිලය සමග නව බන්ධනය සාදයි.

හයිඩ්‍රොක්සිල් ඇල්කිල් හේලයිඩ සමග ප්‍රතික්‍රියා කර ඇල්කීන සෑදීමට හේතුව?

නියුක්ලියෝෆයිල මත එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ඇති නිසා H+ සමග ප්‍රතික්‍රියා කරමින් භෂ්මයක් ලෙස ක්‍රියාකල හැක.OH- වල එකසර යුගල් පවතී.එමෙන්ම ඇල්කිල් හේලයිඩයේ හැලජන පරමාණුවේ විද්‍යුත් ඍණතාවය නිසා C-X බන්ධනය ධ්‍රැවීකරණය වී පවතී.එමනිසා යාබද C මත පිහිටි H සුළු ආම්ලික වේ.

IUPAC ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ අනුපිළිවෙල

1.කාබොක්සිලික්


2.එස්ටර


3.අම්ල හේලයිඩ


4.අම්ල ඇමයිඩ


5.සයනයිඩ


6.ඇල්ඩිහයිඩ


7.කීටෝන


8.මධ්‍යසාර


9.ඇමීන


10.ඊතර


11.ත්‍රිත්ව බන්ධන


12.ද්විත්ව බන්ධන